Saturday, December 5, 2015
මුහුණේ පැහැය හා සුන්දරත්වය තරුණ තරුණියන්ට ආභරණයක් බඳුය. සුන්දර, නිකැළැල් මුහුණක් ලැබීම යමෙකු වාසනාවක් ලෙසද සලකයි. මුහුණ සඳට උපමා කරන්නේද එහි ඇති පැහැපත් බවත්, පිරිසුදු බවත් මෙන්ම නිකැළැල් බව නිසාමයි.
එහෙත් මෙම මුහුණේ සුන්දරත්වයට හානි පමුණුවන රෝග පිළිබඳත් අසන්නට දකින්න ලැබේ. ඒ අතුරින් ඉතා සුබලව දක්නට ලැබෙන්නේ කුරුලෑ ලෙස හඳුන්වන සමේ රෝග අවස්ථාවයි.
ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කුරුලෑ හඳුන් වන්නේ "යුවාන පිඩකා" හෙවත් "මුඛ දුෂිකා" කියලා. වැඩිපුරම මුහුණේ ඇතිවන නිසා තමයි මුඛ දුෂිකා කියන්නෙ. ඒ වගේම තරුණ වයසේදී ඇති වන නිසා යුවාන පීඩකා කියනවා. ආයුර්වේදයේදී මේවා ක්ෂුද්‍ර රෝග කියන කාණ්ඩයට අයත් වෙනවා.
කුරුලෑ ඇති වන්නෙ කොහොමද?
මෙහිදී වන්නේ මුහුණේ හමෙහි ඇති ස්නේහස්රාවී ග්‍රන්ථි (Sebaseous glands) හා රෝම කූප (Hair follicles) වල ප්රදාහිත තත්ත්වයකි.
අපගේ හම ශරීරයේ ඇති විස්මිත ඉන්ද්‍රියයකි. සම සංවේදී ඉන්ද්‍රියක්ද වෙනවා. සම මඟින් අභ්‍යන්තර පටකවල ආරක්ෂාව, ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීම මෙන්ම, ශරීරයෙන් නිපදවන අපද්‍රව්‍ය බැහැර කිරීම යන ප්‍රධාන කටයුතු ඉටු වෙනවා මේ නිසා ශරීරයේ වෙනත් ඉන්ද්රියයන්ගේ කටයුතු සමඟ හොඳ සමායෝජනයක් සහිතව හම ක්‍රියාත්මක වෙනවා. මේ නිසා හමේ ඇති වන රෝග යනු හමටම පමණක් සීමා වූ රෝග නොවේ. එනම් හමේ රෝග ශරීරයේ සමස්ත ක්රියාකාරීත්වයේ දෝෂ නිසා හටගන්න පුළුවන්. ඒකයි ආයුර්වේදයේ පිළිගැනීම.
කුරුලෑ ඇති වන ස්ථාන
කුරුලෑ ප්‍රධානවම හටගන්නේ මුහුණේය. මීට අමතරව බෙල්ල, පපුව, පිට උර හිස් යන ප්‍රදේශවලත් ඇති වන්න පුළුවන්. විශේෂයෙන්ම තෙල් සහිත සමක් ඇති අයගේ කුරුලෑ ඇති වීමේ ප්‍රවණතාවක් තියෙනවා.
වයසේ බලපෑමක් තිබෙනවාද?
සාමාන්‍යයෙන් කුරුලෑ ඇති වීම පටන් ගන්නේ ගැටවර වයසේදී. එනම් වයස අවු. 12 විතර වෙනකොට. වයස අවුරුදු 20ක් පමණ වන විට කුරුලෑ ක්‍රමයෙන් නැති වී යනවා. අවුරුදු 30ට පස්සෙත් කුරුලෑ තියෙන්නෙ ඉතා කලාතුරකින්. සාමාන්‍යයෙන් ගැටවර වයසේ ඉන්න දස දෙනෙක් ගත්තොත් අට දෙනකුටම කුරුලෑ තියෙන්න පුළුවන්. ඒ ගැටවර වයසට පත් වීමේදී ඇති වන හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසාය. කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය ආරම්භ වනවාත් සමඟ කුරුලෑවල රෝග ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. කුරුලෑ ඇතිවන වයසේදී තරුණ තරුණියන් මානසික වශයෙන් දැඩි අසහනයට පත් වේ.
කුරුලෑවලට මොනවාද බලපාන හේතු?
කුරුලෑ වර්ග ගණනාවක්ම තිබෙනවා. ඒ සියල්ලටම සමාන හේතු බලපානවා. විශේෂයෙන්ම සෞඛ්යාරක්ෂක නොවන ජීවන පුරුදු බලපානවා. අධිකව මානසික ආතතියට (Stress) භාජනය වීමේදී කුරුලෑ ඇති වන්න පුළුවන්. වැඩිපුර පාඩම් කිරීම වැනි මනස වෙහෙසන කටයුතුවලද බලපෑමක් තිබෙනවා. වැඩිපුර පිටි, සීනි හා තෙල් සහිත ආහාර ගැනීමත් හේතු වෙනවා. නිතර නිතර මල බද්ධය ඇති වීම තවත් වැදගත් හේතුවක් වෙනවා. මේ නිසා වැඩිපුර විස කොටස් ශරීරයේ ඇති වනවා. මේ විස හම හරහා ඉවත් කිරීමට දරන ප්රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ ඇති වෙනවා. නිතර තේ, කෝපි, චොක්ලට්, අයිස් ක්‍රීම් වැනි දේ ආහාරයට ගැනීමද කුරුලෑවලට හේතුවක් වෙනවා.
තෙල් සහිත ක්‍රීම් වර්ග, ලෝෂන් වර්ග ආලේප කිරීම, ඒවා ඉවත් කිරීමේ දෝෂ නිසා, කුරුලෑ මිරිකා ඉවත් කිරීමට තැත් කිරීම, මුහුණේ හමේ ඇති අපිරිසුදු බවද බලපාන වෙනත් කාරණා වේ. මීට අමතරව බැක්ටීරියා ආසාදනය මඟින්ද කුරුලෑ ආශි‍්‍රතව සැරව ගෙඩි (Comedone) ඇති වෙනවා. උෂ්ණ ප්‍රදේශවල ජීවත් වන වැඩිපුර දහදිය දමන අයට කුරුලෑ අවදානම වැඩියි.
වෙනස් කුරුලෑ වර්ග
සමහර විට කුරුලෑ බොහොම කුඩායි. කීපයක් පමණක් තිබෙන්න පුළුවන්. සමහර වර්ගවලදී කුරුලෑ ගෙඩි ඉතා ලොකුවට ඇති වනවා. සංඛ්යාවෙනුත් වැඩිපුර තිබෙන්න පුළුවන්. එසේම සමහර ඒවා හමේ ඉතා මතුපිටින් තිබෙන අතර තවත් සමහර ඒවා ඉතා ගැඹුරින් තිබෙන්න පුළුවන්. මේ ආකාරයට හමට යටින් ග්‍රන්ථි (Cyst) පවා ඇති වෙනවා. හමේ තැන තැන කැලැල් ඇති වෙන්න පුළුවන්. මේ ලක්ෂණ සහිතව කුරුලෑ වර්ග හයක් (6) පමණ තිබෙනවා.
බලපෑම
කුරුලෑ ඇති වීමේ ප්‍රමාණය අනුව ඒ නිසා ඇති වන මානසික අසහනය වෙනස් වෙනවා. මේ මඟින් මුහුණට අවලස්සනක් ඇති වෙනවා. මුහුණේ තැන තැන ස්ථීර කැලැල් ඇති වෙනවා. හමට යටින් ගෙඩි වැනි තද ප්‍රදේශ ඇති වෙනවා. මේ සියල්ලේම එකතුවෙන් කුරුලෑ යමෙකුගේ පෞරුෂත්වයටද හානියක් ඇති කරනවා.
ප්‍රතිකාර
කුරුලෑවට ප්‍රතිකාර කිරීමේදී සරල මුහුණු ආලේපයක් මඟින් එය කළ නොහැකිය. නිතර සම පිරිසුදුව තබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. හමේ තෙල් ස්වභාවය අඩු කිරීමට පියවර ගත යුතුය. එසේම කුරුලෑ ආසාදනය වීමෙන් වළක්වා ගැනීමද වැදගත්ය. පරිසර දූෂණයෙන් හැකිතාක් බැහැර වීමද අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය ඇති පරිසරයක ව්‍යායාම කිරීම, දිනපතා හොඳින් මලපහ පිටවීම සැලැස්වීම් ඉතා අවශ්‍යයි. කුරුලෑ ඇති වීමට හේතුවන ආහාරවලින් වළකින්න. වැඩිපුර පිටි හා තෙල් බහුල ආහාරවලින් වළකින්න. ඒ අතරම සමබල ආහාර වේලක් ගැනීම වැදගත්ය. රාත්‍රියට ප්‍රමාණවත් නින්දක් ලැබීම අවශ්‍යයි. නිදිවැරීම අහිතකරයි.
පලතුරු විතරක් කන්න
හැකිනම් පළමු දින කීපයම පලතුරු පමණක් ආහාරයට ගන්න. කෙඳි සහිත පලතුරු විශේෂයෙන්ම සුදුසුය. වියළි සහ ටින් කළ පලතුරු හා වෙනත් ආහාරවලින් හැකිතාක් වළකින්න. සීනි රහිතව දෙහි යුෂ පානය කිරීම සතියකට වරක් මඳ උණුසුම ජලය වස්ති කිරීමද
(enema) සුදුසුය.
මෙම පලතුරු පමණක් ආහාරයට ගන්නා දින ගණනට පසුව සාමාන්‍ය ආහාරයට ක්‍රමයෙන් පුරුදු වන්න. ඒ අතර නැවැත මාසයකට වරක්වත් දින 2ක් හෝ 3ක් පලතුරු පමණක් තුන්වේලටම ආහාරයට ගන්න. මේ අතර පැණි බීම වර්ග, අයිස් ක්‍රීම්, අච්චාරු වැනි ආහාරද ගැනීමෙන් වළකින්න. විටමින් A, C, E සහ සින්ක්, නියැසින් ආදී පෝෂණ පදාර්ථ අඩංගු ආහාර ගැනීම අවශ්‍යයි.
හුමාලය අල්ලන්න
සතියකට දින කීපයක් මුහුණට මඳ වශයෙන් හුමාලය ඇල්ලීමද වැදගත්ය. ඒ මඟින් සමේ සිදුරු විවෘත වී විස ද්‍රව්‍ය බැහැර වේ. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදන්න. උදෑසන මුළු ශරීරයටම හිරු එළිය වැටීමට සැලැස් වීමද හිත කරයි.
කුරුලෑ සුව කරන අත් බෙහෙත්
පිපිඤ්ඤා ඇට හා බාර්ලි එළ කිරෙන් තම්බා අඹරා කුරුලෑවල ආලේප කිරීම.
• කැරැට් අල තම්බා අඹරා ආලේප කිරීම.
• ෙදාඩම් ලෙල්ල ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීම.
• කොත්තමල්ලි කොළ යුෂ තේ හැඳි 1කට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම.
• අමු අර්තාපල් අල යුෂ හමේ පිරිසුදු කිරීමට ඉතා සුදුසු දෙයකි. අර්තාපල් අල යුෂ ආලේප කිරීමෙන් සමට අවශ්‍ය පොටෑසියම්, සල්ෆර්, පොස්පරස් හා ක්ලෝරීන් ආදිය ලැබේ.
• සුදු ලූනු අඹරා මුහුණේ ආලේප කිරීමද සුදුසු ප්‍රතිකාරයකි. මේ මඟින් කුරුලෑ කැළැල් නොමැතිව සුව වේ. මෙසේ දින 2කට වරක් සුදු ලූනු ඉස්ම මුහුණේ ආලේප කිරීමෙන් කල්ගත වූ කුරුලෑ පවා සුවවේ. මෙහිදී තරමක දැවිල්ලක් ඇති වන බව සිහි තබා ගත යුතුය.
• දෙළුම් ලෙලි රෝස වතුරින් අඹරා ආලේප කළ විට කුරුලෑ සුව වී හම දීප්තිමත් වේ.
• අමු නෙල්ලි යුෂට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කිරීමෙන් මුහුණේ හම පැහැපත් වේ, සියුමැලි වේ.
• නෙල්ලි ඉස්මට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ සුව වී සම පැහැපත් වේ.
අළු පුහුල් කැබැලි අඹරා මුහුණේ ආලේප කළ විට තෙල් ගතිය ඉවත් වේ. කළු ලප ඉවත් වී හම පැහැපත් වේ.
මේ අනුව කුරුලෑවලට ප්‍රතිකාර කිරීම යනු හුදෙක් මුහුණේ ආලේප තැවරීමෙන් පමණක් නොව ශරීරය සමස්තයක් ලෙස සලකා ප්‍රතිකාර කිරීම අවශ්‍ය බව පෙනී යනු ඇත
Subscribe to:
Posts (Atom)

